Covid 19 හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ පැනවූ Lockdown ක්‍රමවේදය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන්

Covid 19 හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ පැනවූ Lockdown ක්‍රමවේදය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන්!

South Australia’s lockdown to ease early, but some restrictions to remain!

Covid 19 හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ පැනවූ Lockdown ක්‍රමවේදය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. මුලින් ප්‍රකාශ කල දින ගණනට​ කලින් එය අවසන් කිරීම විශේෂත්වයක්. 

මින් පෙර දකුණු ඔස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කලේ ඔවුන් දින 6ක් ප්‍රාන්තය වසා දමන බවයි. නමුත් පොලිස් පරීක්ෂණ මගින් තහවුරු කරගෙන ඇත්තේ Woodville හි pizza අවන්හලක සේවකයෙකු සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවයි. මෙම නිසා පරීක්ෂණ නොමග යැවීමක් සිදු වූ බව වැඩි දුරටත් සදහන්. 

කෙසේ වෙතත් සත්‍ය අනාවරණය වීමත් සමග එතරම් භයානක අදියරකට දකුණු ඔස්ට්‍රේලියාව පැමිණ නොමැති නිසා ප්‍රාන්තය නැවතත් වෙළඳ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සදහා විවෘත කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. 

දකුණු ඕස්ට්‍රේලියානු අගමැති Steven Marshall පවසන්නේ මෙවැනි අසත්‍ය ප්‍රකාශ   නිසා මුළු ප්‍රාන්තයම අනිසි බිය වැද්දීමකට ලක් වූ බවයි. මෙවැනි අසීරු අවස්ථාවල  රජයට සහය දක්වන ලෙසත් අවබෝධයෙන් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමය කරන ලෙසත් ඔහු තව දුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

Steven Marshall තව දුරටත් සදහන් කරන්නේ නොවැම්බර් 20 වන දින සිට ප්‍රාන්තය විවෘත කිරීමත් සමග Covid 19 රෙගුලාසි වල ලිහිල් කිරීමක් සිදුකරන බවයි. ඒ අනුව අවමංගල්‍ය උත්සවයක් සදහා සහභාගී වන්නන් 50 දෙනෙකුටත්,  නිවසක පුද්ගලයින් 10 දෙනෙකුටත් එක් වීමට හැකියාව තිබෙනවා. එමෙන්ම නැවත පාසල් ආරම්භ කිරීමටත් ප්‍රාන්ත රජයෙන් අවසර ලැබෙන අතර ව්‍යායාම සදහා සහ අත්‍යවශ්‍ය සේවා සදහා නිවසින් පිට වීමටත් අවසර ලැබෙනු  ඇත. 

දකුණු ඕස්ට්‍රේලියාව වික්ටෝරියා සමඟ දේශ සීමාව අතහැර දැමීමට සැලසුම් කළ දිනයම දෙසැම්බර් 1 වනදා lockdown සීමාවන් පැනවීමට පෙර තිබූ ස්ථානයට නැවත පැමිණීමට හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

(7News)

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »