ඩැන්ඩිනොන්ග් හි ශරීර සුවතා මධ්‍යස්ථානයක් (Gym) සැකකටයුතු ගින්නකින් මුලුමණින්ම විනාශ වී තිබෙනවා.
අද අලුයම 03.45 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.
ගිනි නිවීම් භටයන් එම ස්ථානයට පැමිණෙනවිටත් එය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී පැවති බවයි වාර්තා වන්නේ.
මෙම ගින්න සැකකටයුතු බැවින් ඉදිරි විමර්ශන වික්ටෝරියා ප්‍රාන්ත පොලිසියට පවරා තිබෙනවා.