
ගෝල්ඩ් කෝස්ට් ෆැඩන් ආසනයේ අතුරු මැතිවරණයෙන් ලිබරල් සන්ධානය ජයගෙන තිබෙනවා.
පසුගිය වසරේ පැවති ෆෙඩරල් මැතිවරණයෙන් සහ අනතුරුව පැවති ඇස්ටන් ආසනය සඳහා වන අතුරු මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු ඔවුන් ලැබූ පළමු මැතිවරණ ජය මෙයයි.
ෆැඩන් ආසනයේ ජයග්‍රහණය ඉතිහාසයේ කිසිදු දිනයක ලේබර් පක්ෂයට හිමිවී නැහැ.

මෙම අතුරු මැතිවරණය ජයගත නොහැකි බවට අගමැති ඇන්තනී ඇල්බනීස් විසින්ද දින කිහිපයකට පෙර ඉගි පළකර තිබුණා.
ප්‍රධාන මැතිවරණයකින් අනතුරුව පවත්වන අතුරු මැතිවරණවලදී පාලක පක්ෂයේ ජනප්‍රියතාවය පහළ යන බවයි ඔහු එහිදී සඳහන් කලේ.
