Search

ව්‍යාජ බදු ලේඛණ දෙන නිවාස හිමියන්ට වැඩ වරදී

ව්‍යාජ බදු ලේඛණ සපයන නිවාස හිමියන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය තීරණය කර තිබෙනවා.

නිවාස හිමියන් අතුරින් 9/10 ක් පමණ tax return ගැනීමේදී අසත්‍ය හෝ සිතාමතා වැරදි තොරතුරු සපයන බවට අනාවරණය වීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ.

2019-2020 මූල්‍ය වර්ෂයට අදාළව ඩොලර් බිලියන 09 ක හිගයක් පවතින බවටයි පසුගියදා අනාවරණය වූයේ.

ඉදිරි වසර 04 සඳහා ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය වෙනුවෙන් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 475 ක් දක්වා ඉහළ දැමීමට පසුගිය සතියේ පැවති ෆෙඩරල් අයවැයේදී යෝජනා කෙරුණා.

නිවසේ සිට රාජකාරී කරන්නන් – ස්වයං ව්‍යාපාර පවත්වාගෙන යන්නන් වැනි පාර්ශවවලින් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ඉල්ලා සිටින්නේ නිවැරදි බදු තොරතුරු ඉදිරිපත් කරන ලෙසයි.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »