
වසර 02 ක් තුළදී ඔස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා සාමාජිකයන්ට එරෙහි පැමිණිලි 700 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.
ලිංගික හිංසන – විවිධ අඩන්තේට්ටම් සහ අතවර චෝදනා ඒ අතර වන බව සඳහන්.
ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජිකයන් සියදිවි හානිකර ගැනීම් පිළිබඳ සෙවීමට පත්කල රාජකීය කොමිසම පර්ත් හිදී රැස්වූ අවස්ථාවේදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මෙලෙස චෝදනා ලැබූවන් අතර නාවික හමුදාවේ ඉහළම නිලධාරීන් පවා සිටීම විශේෂත්වයක්.
මෙම කරුණු විමසීම ඉදිරියේදී යළි සිදුකිරීමට නියමිතයි.
