Clyde North අවන්හල් 02 ක් කොල්ලකෑ ළමුන් 04 ක් අල්ලයි

මෙල්බන් නගරයේ ක්ෂණික ආහාර අවන්හල් 02 ක් කොල්ල කෑ ළමුන් 04 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

13 හැවිරිදි අයෙකු සහ 15 හැවිරිදි 03 දෙනෙකු මේ අතර වන බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

ඔවුන් පළමුවෙන් අද අලුයම 2.25 ට පමණ එක් අවන්හලකට පහරදී තිබෙනවා.

ඉන් විනාඩි 15 කට පමණ පසු ක්ලයිඩ් නෝර්ත් හි අවන්හලකටද මෙම පිරිස ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන්.

මෙම අවස්ථා දෙකේදීම සැකකාර ළමුන් තියුණු ආයුධ පෙන්වා අවන්හල් කාර්ය මණ්ඩලයට තර්ජනය කර ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

මොවුන් පැමිණ ඇත්තේ සොරාගන්නා ලද මෝටර් රථයක් භාවිත කරමින් බවයි පැවසෙන්නේ.

පළමු අවන්හලේ එක් සේවකයෙකුද මොවුන්ගේ පහරදීමෙන් මුහුණුට තුවාල සිදුවී තිබෙනවා.

සැකකාර ළමුන් ඉදිරි දිනයකදී ළමා අධිකරණයක් වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »