
ඉන්දුනීසියාවේ ජනප්‍රිය නිවාඩු නිකේතන ගමනාන්තයක් වන බාලි දූපතේ සංචාරය සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන්ට නව බද්දක් පණවා තිබෙනවා.
ලබන වසරේ සිට බලාත්මක වන ඩොලර් 15 ක මෙම නව බද්ද ඔස්ටේ්‍රලියානුවන් ඇතුලු සියලු විදේශීය සංචාරකයන්ට අදාළ වනු ඇති.
බාලි දූපත සංවර්ධනයට සහ පහසුකම් වැඩි දියුණු කිරීමට මෙම මුදල යෙදවීමට බලාපොරොත්තු වන බවයි එරට බළධාරීන් නිවේදනය කරන්නේ.

ඔස්ටේ්‍රලියානුවන් අතර අතිශය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙසයි බාලි දූපත සැළකෙන්නේ.
පසුගිය මැයි මාසයේදී ලක්ෂ 04 කට වැඩි පිරිසක් එහි සංචාරය කර තිබූ අතර එයින් සියයට 25 ක් පමණ ඔස්ටේ්‍රලියානුවන් බව සඳහන්.
