
වික්ටෝරියා ප්‍රාන්තයේ අවුරුදු 03 ත් 04 ත් අතර දරුවන් සෙනසුරාදා දිනවලද පෙරපාසල් (Kindergarten) සඳහා යොමු කරන්නැයි ප්‍රාන්ත බළධාරින් ඉල්ලීමක් කරනවා.
සතියේ දිනවල පමණක් පැය 15 ක ගාස්තු රහිත රැකවරණය ලබාදීම හමුවේ මතුව ඇති තදබදය ඊට හේතුවයි.
මෙම නව වැඩපිළිවෙල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට මෙල්බන් හි පෙර පාසල් 04 ක් දැනටමත් එකග වී තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දෙමව්පියන් පළකර ඇත්තේ මිශ්‍ර ප්‍රතිචාරයක්.
ඇතැමුන් පෙන්වාදී ඇත්තේ මෙමගින් සේවා මුර සේවකයන්ට වැඩි වරප්‍රසාදයක් ලැබුණද සතියේ දිනවල දරුවන් පෙර පාසල් වෙත යොමු කිරීම සිය මුලික අරමුණ වන බවයි.
