AI එපා කියා හොලිවුඩයේ දැවැන්ත වර්ජනයක්

දැවැන්තම සිනමා ක්ෂේත්‍රය වන හොලිවුඩයේ නිර්මාණකරුවන් දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

නළු නිළියන් ඇතුළු නිර්මාණකරණයට සම්බන්ධ පිරිස් මෙලෙස වැඩවර්ජනයකට එක් වන්නේ වසර 40 කට පසු පළමු වරටයි.

ඒ සඳහා එක් ලක්ෂ 60,000 කට වැඩි නිර්මාණකරුවන් එක්ව සිටීම විශේෂත්වයක්.

ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ සාධරණ ලෙස ලාභය බෙදී යාමේ ක්‍රමවේදයක් සකස් කිරීම සහ වඩාත් පහසු සේවා කොන්දේසි නිර්මාණය කිරීම යන්නයි.

එමෙන්ම ඔවුන්ගේ ඉල්ලී්ම් අතර තවත් සැලකිය යුතු ඉල්ලීමක් වී ඇත්තේ නළු නිලියන් වෙනුවට කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය භාවිත නොකරන ලෙසයි.

එහිදී කෘතිම බුද්ධියෙන් නිපදවන මුහුණු සහ කටහඩ හොලිවුඩ් නිර්මාණ සඳහා භාවිත නොකරන ලෙසටද විරෝධතාවට එක්ව සිටින පිරිස් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »