සිඩ්නි ඉතිහාසයේ වියළිතම ශීත සෘතුව මෙවර – වර්ෂාවේ 16 ගුණයක අඩුවක්

මෙවර ශීත සෘතුව සිඩ්නි ඉතිහාසයේ වියළිතම ශීත සෘතුව බවට වාර්තා වී තිබෙනවා.

පසුගිය ජූනි මාසය ආරම්භයේ සිට මේ දක්වා සිඩ්නි නගරයේ සටහන් වී ඇත්තේ මිලිමීටර් 22.2 ක වර්ෂාපතනයක් පමණයි.

එය 1938 වසරෙන් පසු නිවු සවුත් වේල්ස් හි වියළිතම ශීත සෘතුව බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

සාමාන්‍යයෙන් ජූනා මාසය සැළකෙන්නේ වර්ෂාව අධිකම මාසය ලෙස වන නමුත් මෙවර සටහන්වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තත්වයකුයි.

පසුගිය වසරේ ජූනි මාසය ආරම්භයේ සිට ජූලි 15 වනදා දක්වා කාලයේදී මිලිමීටර් 362.4 ක වර්ෂාපතනයක් වාර්තා වී තිබුණා.

එය මෙම වසරේ වර්ෂාපතනය හා සැසඳීමේදී 16 ගුණයක පමණ වැඩිවීමකුයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »