ඔස්ට්‍රේලියානු සංචිත බැංකු ප්‍රධානී ධුරය පළමුවරට කාන්තාවකට

ඔස්ටේ්‍රලියානු සංචිත බැංකුවේ මීළග ප්‍රධානී ලෙස ප්‍රකට ආර්ථික විශේෂඥවරියක වන මිචෙල් බුලොක් නම් කර තිබෙනවා.

1959 වසරේදි සංචිත බැංකුව පිහිටුවීමෙන් පසු මෙම තනතුරට පත්වන පළමු කාන්තාව ඇය වීම ද විශේෂත්වයක්.

වසර 07 ක සේවා කාලය අවසන් කර වත්මන් සංචිත බැංකු ප්‍රධානී ආචාර්ය ෆිලිප් ලෝ ලබන සැප්තැම්බර් 17 වනදා ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි.

ඔහුගේ ධුර කාලය දීර්ඝ නොකෙරෙනු ඇති බවට මාස ගණනක සිට පැවති මතයන් මේ අනුව සැබෑ වි තිබෙනවා.

ගතවූ මාස 14 ක කාලය තුළ අවස්ථා 11 කදී පොළී අනුපාතික අගයන් ඉහළ දැමීම හමුවේ ඔහු පාර්ශව රැසක දෝෂදර්ශනයට ද ලක්වුණා.

විපක්ෂයේ ද අදහස් විමසීමෙන් අනතුරුව නව තනතුර නම් කල බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අගමැති ඇන්තනී ඇල්බනීස් සහ ෆෙඩරල් භාණ්ඩාගාරික ඇමති ජිම් චාමර්ස් සඳහන් කලේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »