ආර්ථික ගැටලු නිසා සුරතලුන්ටත් බලපෑම්

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින ආර්ථික තත්වය හමුවේ සුරතල් සත්වයන් නඩත්තු කිරීම දැඩි අසීරුතාවයක් බවට පත්වී ඇතැයි තහවුරු කරගෙන තිබෙනවා.

Finder ආයතනය විසින් සිදුකර ඇති සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 30 ක් පමණ මේ වනවිට නිවසෙහි ඇති දැඩි කරන සත්වයන් නඩත්තුවට වෙන් කරන මුදල අඩු කර ඇති බවයි.

සත්ව ආහාර – පශූ වෛද්‍ය ගාස්තු සහ අනෙකුත් වියදම් පාලනයයි එහි අරමුණ වී ඇත්තේ.

සැළකිය යුතු පිරිසක් සිය සුරතල් සතුන් පශූ වෛද්‍යවරුන් වෙත රැගෙනයාම කැපී පෙනෙන අන්දමින් පහළදමා ඇති බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම තවත් පිරිසක් සත්ව සුභසාධන මධ්‍යස්ථාන වෙත සුරතලුන් භාරදීමද ඉහළ ගොස් ඇති බව සඳහන්.

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »