අසීමිත ලාභ ලබද්දී සේවක කප්පාදුවක නිරත බවට Westpac ට චෝදනා

අධික ලාභ ලබද්දී පවා සේවක කප්පාදුවක නිරත වන බවට වෘත්තිය සමිති විසින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 04 න් එකක් වන වෙස්ට්පැක් බැංකුවට චෝදනා කරනවා.

ගතවූ සති 06 තුළදී ඔවුන් රැකියා 650 ක් කපා හැර ඇති බවත් ඉදිරියේදී තවත් කප්පාදු සිදු කෙරෙනු ඇති බවටත් අනාවැකි පළවනවා.

මෙම වසර තුළදී රැකියාවලින් ඉවත් කර ඇති සමස්ත වෙස්ට්පැක් සේවකයන් සංඛ්‍යාව 751 ක්.

අවසාන මාස 06 ට අදාළව සියයට 22 ක ලාභයක් හෙවත් ඩොලර් බිලියන 04 ක ලාභයක් ලබා ඇති වාතාවරණයකදී සිදු කෙරෙන මෙම රැකියා කප්පාදුව මුලුමණින්ම අසාධාරණ බවටයි වෘත්තිය සමිති චෝදනා කරන්නේ.

කෙසේවෙතත් වෙස්ට්පැක් බැංකුව පවසා ඇත්තේ වියදම් අඩු කර ගැනීමේ අරමුණ ඇතිව මෙම සේවක කප්පාදුව දැනට වසරකට පමණ ඉහතදී ප්‍රකාශයට පත්කෙරුණු බවයි.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »