Caged Eggs තහනම 2036 වසරේ සිට ස්ථිරවම – කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ අනුමැතිය

විශේෂිත කූඩුවල රඳවා සිටින කිකිළියන් විසින් දමන බිත්තර හෙවත් caged eggs තහනම 2036 වසරේ සිට ස්ථිරවම ක්‍රියාවට නැංවීමට සියලුම ප්‍රාන්තවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලැබී තිබෙනවා.

ෆෙඩරල් කෘෂිකර්ම ඇමති මරේ වොට් ගේ ප්‍රධානත්වයෙන් ඔවුන් අද රැස්වී සාකච්ඡා කල අතර එහිදීයි මෙම එකගතාවයට පැමිණ ඇත්තේ.

කෙසේවෙතත් මෙම තීරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී එක් එක් ප්‍රාන්තය මට්ටමින් සුලු සංශෝධන සිදුකිරීමට මෙම දින වකවානු වෙනස්වනු ඇති බවටද මෙහිදී අදහස් පළවනවා.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීම හමුවේ ඔස්ටේ්‍රලියාව තුළ බිත්තර මිළ ගණන් කැපී පෙනෙන ලෙස වැඩිවනු ඇත බවටයි අනාවැකි පළවන්නේ.

දැනට සුපිරි වෙළඳසැල්වල අලෙවි කරන බිත්තර අතුරින් සියයට 40 ක් පමණ caged eggs වන අතර බිත්තර 12 ක අසුරණයක මිළ ඩොලර් 15 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි පැවසෙන්නේ.

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »