සියලුම ප්‍රාන්තවල Flu එන්නත් ප්‍රතිශතය පහළට

ඔස්ට්‍රේලියානුවන් අතුරින් Flu එන්නත ලබාගෙන ඇත්තේ තවමත් සියයට 32 කට ආසන්න ප්‍රතිශතයක් පමණක් බව නවතම සෞඛ්‍ය දත්ත අනාවරණය කරනවා.

මාර්තු 01 වනදා සිට ජූලි 09 වනදා දක්වා කාලය තුළ එම මාත්‍රාව ගෙන ඇත්තේ මිලියන 8.5 ක් පමණ බව සඳහන්.

කෙසේවෙතත් පසුගිය වසරේ අදාළ කාලසීමාවේදී එම අගය මිලියන 10.4 ක් වැනි ඉහළ අගයක පැවතුණා.

සෞඛ්‍ය අංශ මෙම අනතුරු ඇගවීම සිදුකරන්නේ ක්වීන්ස්ලන්ඩ් හි 11 හැවිරිදි දැරියක සහ නිවු සවුත් වේල්ස් හි තරුණයෙකු ඉන්ෆ්ලුවන්සා තත්වය උත්සන්න වීමෙන් පසුගිය සතියක කාලය තුළ මියගොස් ඇති පසුබිමකදීයි.

සියලුම ප්‍රාන්තවල එන්නත්කරණ ප්‍රතිශතයන් පහළගොස් ඇති බවද අවධානම් කාණ්ඩ වහා ඒ පිළිබඳ අවධානය යොමුකල යුතු බවද නැවතත් අවධාරණය කෙරෙනවා.

කුඩා දරුවන් – ගැබිණි මාතාවන් සහ වයෝවෘද්ධ ජනතාව මෙන්ම ආබාධිත ප්‍රජාව අවධානම් කාණ්ඩ ලෙසයි සැළකෙන්නේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »