
වික්ටෝරියා regional ප්‍රදේශවල ලිංගිකව සම්ප්‍රේෂණ වන රෝග ආසාධිතයන්ගේ ඉහළයාමක් පෙන්නුම් කර තිබෙනවා.
විශේෂයෙන් ගොනෝරියා සහ සිෆිලිස් වැනි රෝග ව්‍යාප්තියේ කැපී පෙනෙන වර්ධනයක් මෑතකාලීනව දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
මීට ප්‍රධාන හේතුව අනාරක්ෂිත ලිංගික සබඳතා බව මෙල්බන් විශ්ව විද්‍යාලය ඇතුලු ආයතන කිහිපයක් සිදුකල අධ්‍යයනයකදී හෙළි කරගෙන තිබෙනවා.

2016 වසරට වඩා 2021 වසර වනවිට regional ප්‍රදේශවල සිෆිලිස් ආසාධිතයන් සංඛ්‍යාව සියයට 250 කින් ඉහළගොස් ඇති බවයි පැවසෙන්නේ.
මෙම තත්වය සැළකිල්ලට ගෙන ප්‍රාදේශීය නගරවල ලිංගික රෝග පරීක්ෂා ජංගම රථ වැඩි වශයෙන් යෙදවීමටද වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන් සැළසුම් කර තිබෙනවා.
