Work from Home වැටුප් කප්පාදු යෝජනාවට දසතින් විරෝධය

නිවසේ සිට රාජකාරි සිදුකරන සේවකයන්ගේ වැටුප් කප්පාදු සිදුකල යුතු බවට වික්ටෝරියා හිටපු අගමැතිවරයෙකු වන ජෙෆ් කෙනට් කල ප්‍රකාශයට වෘත්තීය සමිති විරෝධය පළකරනවා.

නිවසේ සිට රාජකාරිය ඉටු කලද සේවා ස්ථානයක සිට සේවය කලද අපේක්ෂිත අරමුණ ඉටුවන්නේ නම් ගැටලුවක් නොවන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

එබැවින් හිටපු අගමැතිවරයාගේ යෝජනාව සළකා බැලීමකින් හෝ තොරව ඉවත දැමීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගත යුතු බවද වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

මේ අතර අවශ්‍යතාවය පරිදි රාජ්‍ය සේවකයන්ට ඕනෑම කාලසීමාවක් නිවසෙහි සිට රාජකාරි කල හැකි නව එකගතා ගිවිසුමකට වෘත්තිය සමිති සහ ඔස්ට්‍රේලියානු මහජන සේවා කොමිසම එළැඹී තිබෙනවා.

ඒ අනුව විදුලි සංදේශ – රාජ්‍ය සේවා – ගුවන් සේවා ඇතුලු ක්ෂේත්‍ර රැසක සේවකයන්ට එක් එක් දින ලෙස බෙදා වෙන් කිරීමකින් තොරව නිවසේ සිට රාජකාරි සිදුකල හැකියි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »