Search

බැංකු වංචාවලදී අහිමිවූ සියලු මුදල් පාරිභෝගිකයන්ට නැවත ගෙවන ලෙස ඉල්ලීමක්

බැංකු වංචාවලදී අහිමිවූ සියලු මුදල් පාරිභෝගිකයන්ට නැවත ගෙවන ලෙස වන ඉල්ලීමක් ප්‍රධාන බැංකු 04 න්ම ඉල්ලා සිටීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මෙම සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු විමර්ශන කමිටුවක් හමුවට NAB – කොමන්වෙල්ත් – වෙස්ට්පැක් සහ ANZ යන ප්‍රධාන බැංකු 04ම නියෝජිතයන් කැඳවනු ලැබ සිටිනවා.

පසුගිය වසරේදී පමණක් බැංකු වංචා හමුවේ ඔස්ට්‍රේලියානුවන් විසින් අහිමි කරගෙන ඇති මුදල ඩොලර් බිලියන 03 කට අධික බවටයි තක්සේරු කර ඇත්තේ.

මහා බ්‍රිතාන්‍ය්‍ය ඇතුලු රටවල් කිහිපයක මෙවැනි සිදුවීම් වලදී අදාළ බැංකුව විසින් වහාම ගණුදෙනුකරු වෙත මුදල ගෙවිය යුතු අතර ඔස්ට්‍රේලියාව තුළ දැනට එවැනි ස්ථිර රෙගුලාසියක් බලාත්මක වන්නේ නැහැ.

එබැවින් වහාම එම මුදල් ගණුදෙනුකරුවන්ට ගෙවිය යුතු බවට ඔවුන්ට දන්වා සිටීමටයි ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු කමිටුවේදී මන්ත්‍රීවරුන් සූදානමින් පසුවන්නේ.

පසුගිය වසරේදී ගණුදෙනුකරුවන් 31,700 ක් පමණ විවිධ බැංකු වංචාවලට හසුවී ඇති නමුත් මුදල් වංචාකරුවන්ට ලැබීමට පෙර ප්‍රධාන බැංකු විසින් වළක්වාලීමට සමත්වී ඇත්තේ ඉන් සියයට 13 කට ආසන්න මුදලක් පමණක් බවද සඳහන්.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »