ඔස්ට්‍රේලියාවේ හෙරොයින් වැඩිම භාවිතය මෙල්බන් / ගංජා – හෝබාට්, අයිස් – ඇඩිලේඩ්

අපජල සාම්පල්වලින් ලබාගත් තොරතුරු අනුව ඔස්ටේ්‍රලියානුවන් විසින් වැඩියෙන්ම භාවිත කරන මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තාවක් අපරාධ බුද්ධි කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අනුව මෙරට වැඩිම භාවිතයක් සහිත මත්ද්‍රව්‍ය බවට පත්වී ඇත්තේ ඇල්කොහොල් සහ නිකොටීන් වන අතර 03 වන සහ 04 වන ස්ථානවලට පිළිවෙලින් පත්වී ඇත්තේ ගංජා සහ අයිස් බව සඳහන්.

පසුගිය වසරේ දෙසැම්බර් සිට මේ වසරේ පෙබරවාරි දක්වා කාලය තුළදී ලබාගත් සාම්පල් ආශ්‍රිතවයි මෙම වාර්තාව සකස් කර ඇත්තේ.

මෙම තත්වය සියලුම ප්‍රාන්තවල එක හා සමාන අයුරින් පෙන්නුම් කර ඇති අතර හෙරොයින් භාවිතය කැපී පෙනෙන ලෙස පහළගොස් තිබීම විශේෂත්වයක්.

ප්‍රධාන නගර සැළකීමේදී වැඩිම ගංජා භාවිතය සටහන් වනුයේ හෝබාට් නගරයේයි.

වැඩිම අයිස් භාවිතය ඇඩිලේඩ් නගරයෙන් වාර්තා වන අතර ඉහළම කොකේන් භාවිතය වාර්තා වන්නේ සිඩ්නි නගරයෙනුයි.

හෙරොයින් වැඩිම භාවිතය මෙල්බන් නගරයෙන් සටහන් වන අතර ඉහළම ඇල්කොහොල් භාවිතය සිදුවන අගනගරය ලෙස තහවුරු කරගෙන ඇත්තේ ඩාර්වින් නුවරයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »