මෙල්බන් හි ලාංකික තරුණියක් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නිරූපණ තරගාවලියකට

ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ප්‍රධාන නිරූපණ තරගාවලියක අවසන් 30 දෙනා අතරට සුදුසුකම් ලබාගැනීමට මෙල්බන් නුවර වාසය කරන ශ්‍රී ලාංකික තරුණියක වන නිමේශා හේවගේ සමත්වී තිබෙනවා.

මෙවර තරගාවලියට අදාළව ප්‍රේක්ෂක මනාපයෙන් නිමේෂා ඉහළටම ඔසවා තැබීමටද ඔබට අවස්ථාව පවතිනවා.

ඒ අනුව ඇය අවසන් 10 දෙනා අතරට තෝරා යැවීමට කල යුත්තේ පහත Link එකට පිවිස නිමේෂා වෙනුවෙන් මනාපය පළ කිරීමයි.

https://www.pageantplanet.com/event/miss-grand-australia-2023

මෙවර තරගාවලියේ අවසාන 30 දෙනා අතරට පිවිසි එකම ලාංකික සම්භවයක් සහිත තරුණිය වන්නේද නිමේෂා පමණක් වීම විශේෂත්වයක්.

ඇය සහභාගී වන අවසාන මහා තරගය ලබන සෙනසුරාදා (15) මෙල්බන් හිදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මීට පෙර බ්‍රිස්බන් නුවර පැවති නිරූපණ තරගාවලියකදීත් අවසාන 05 දෙනා අතරට පිවිසීමට ඇයට අවස්ථාව උදා වුණා.

එමෙන්ම https://web.facebook.com/nimmidil07 යන ෆේස්බුක් ගිණුම හරහාද ඔබට නිමේෂා සමග සම්බන්ධ විය හැකියි.

තමන් සේවය කරන The Dandenong Club හි සියලුම සහෘද කාර්ය මණ්ඩලය මෙන්ම සහය දුන් සියල්ලන්ට ඇය අවසාන වශයෙන් ස්තූතිය පළකර සිටියා.

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »