Oz Lotto $ මිලියන 20 ක division 01 සමස්ත ත්‍යාග මුදල පර්ත් පදිංචිකරුවෙකුට

ඔස් ලොටෝ (Oz Lotto) ලොතරැයියේ ඊයේ රාත්‍රියේ දිනුම් ඇදීමෙහි ඩොලර් මිලියන 20 ක සමස්ත division 01 ත්‍යාග මුදල ජය ගැනීමට පර්ත් පදිංචිකරුවෙකු සමත්වී තිබෙනවා.

එමෙන්ම තවත් ජයග්‍රාහකයන් 46,000 කට වැඩි සංඛ්‍යාවක්ද ඊයේ දිනය තුළ විවිධ මුදල් ප්‍රමාණයන් දිනා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු ලොතරැයි බළධාරීන්ට අනුව මෙතෙක් දිනුම් අදින ලද ලොතරැයිවල division 01 ජයග්‍රාහකයන් 22 දෙනෙකු ත්‍යාග මුදල් ලබාගැනීමට කටයුතු කර නැහැ.

ඉන් 12 දෙනෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වන අතර – 09 දෙනෙකු ක්වීන්ස්ලන්ඩ් සහ එක් අයෙකු වික්ටෝරියා ප්‍රාන්තයෙනුයි.

ලොතරැයි ත්‍යාග මුදල් ලබාගත යුතු කාලසීමා සම්බන්ධයෙන්ද එක් එක් ප්‍රාන්තය තුළ නීති බලාත්මක වනුයේ විවිධාකාරයෙනුයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඒ සඳහා වසර 06 ක උපරිම කාලයක් පැවතියද වික්ටෝරියා හි පවතින්නේ මාස 06 ක කාලයක් පමණයි.

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

NSW පොලිසියට එරෙහිව ජනතාව තීරණයක් ගනී

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පොලිසියට එරෙහිව සාමාන්‍ය ජනතාව විසින් පැමිණිලි 26,000කට වැඩි ප්‍රමාණයක් ගොනු කර ඇති බවට නව දත්ත මගින් හෙළිවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට විශේෂ දැනුම්දීමක්

සමස්ත රට පුරා ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන්ගේ වැඩිවීමක් පවතින බැවින් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

Read More »