Work from Home ඔස්ට්‍රේලියානු සේවකයන්ගේ වැටුප් කප්පාදු කල යුතු බවට යෝජනා

නිවසේ සිට රාජකාරි කරන ඔස්ට්‍රේලියානු සේවකයන්ගේ වැටුප් කප්පාදු කල යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු අගමැතිවරයෙකු වන ජෙෆ් කෙනට් විසින් යෝජනා කර තිබෙනවා.

රාජකාරි ස්ථානයේ සිට සේවය කිරීම සහ නිවසේ සිට එම කටයුතු සිදුකිරීම හාත්පසින්ම වෙනස් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් හදිසි සේවා සේවකයන් සහ හෙදියන් වැනි අත්‍යවශ්‍ය වෘත්තීන්වල නිරතවන්නන්ට ඔවුන්ගේ සේවා ස්ථානවලට අනිවාර්යයෙන් වාර්තා කිරීමට සිදුවන බවද හිටපු අගමැතිවරයා සිහිපත් කරනවා.

නිවසේ සිට රාජකාරිවල නිරත වන්නන්ට ප්‍රවාහන වියදම් ඇතුලු විශාල මුදලක් ඉතිරිවන බැවින් ඔවුන්ගේ වැටුපෙන් කිසියම් ප්‍රමාණයක් කපා දැමිය යුතු බවටයි හිටපු ලිබරල් අගමැතිවරයා අවධාරණය කරන්නේ.

වික්ටෝරියා හි වත්මන් ලේබර් පක්ෂ රජයද මීට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මෙවැනි කිසිදු කප්පාදුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කර හෝ අවධානය යොමු කර නොමැති බවත් අදහසක් ලෙස සළකා බැලීමට පමණක් සූදානම් බවත් ඩැනියල් ඇන්ඩෲස් රජය සඳහන් කර සිටිනවා.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »