Search

ක්වීන්ස්ලන්ඩ් පොලිස් සේවයට විදේශයන්ගෙන් අයදුම්පත් 15,000 ක්

ක්වීන්ස්ලන්ඩ් පොලිස් සේවය සඳහා විදෙස් සේවකයන් බඳවා ගැනීමේ වැඩපිළිවෙලට 15,000 කට ආසන්න පිරිසක් අයදුම්පත් යොමු කර තිබෙනවා.

වසරකට 500 ක් බැගින් වසර 05 ක් පුරා විදෙස් සේවකයන් බඳවා ගැනීමටයි ප්‍රාන්ත රජය සහ ෆෙඩරල් රජය විසින් පසුගිය පෙබරවාරි මාසයේදී ප්‍රාන්ත පොලිසියට අවසර ලබාදුන්නේ.

සිංගප්පූරුව – ෆිජී – දකුණු අප්‍රිකාව ඇතුලු රටවල් රැසක සිට අයදුම්පත් ලැබී ඇති බවද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසිය නිවේදනය කර සිටියා.

පළමු කණ්ඩායම ලබන ඔක්තෝබර් වනවිට පුහුණු කිරීම් ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් පොලිස් සේවයේ දැනට පවතින දැඩි හිගය මේ හරහා ඉක්මණින් මග හරවා ගැනීමට අපේක්ෂිතයි.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »