ක්වන්ටාස් අලුත්ම Fleet එකට නමක් තියන්න ඔබටත් අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් හි මීළග ගුවන් යානා ඇණිය (fleet) සඳහා සුදුසු නමක් යෝජනා කිරීමට ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාව සළසා දී තිබෙනවා.

A-220 වර්ගයට අයත් ගුවන් යානා 29 ක් ක්වන්ටාස් සමාගම විසින් ඇණවුම් කර ඇති අතර ඒවා නිෂ්පාදනය මේ වනවිට කැනඩාවේදී ආරම්භ කර තිබෙනවා.

වසර අවසන්වීමට පෙර පළමු ගුවන් යානා කිහිපය ඔස්ට්‍රේලියාවට ළගාවීමට නියමිතයි.

දැනට අභ්‍යන්තර ගුවන් මාර්ග සඳහා යොදවා ඇති බෝයිං 717 වර්ගයේ යානා ඉවත් කර ඒ වෙනුවට මෙම වර්ගයේ යානා යෙදවීමටයි ක්වන්ටාස් සමාගම පියවර ගෙන ඇත්තේ.

පළමු ගුවන් යානය මෙල්බන් – කැන්බරා ගුවන් මාර්ගය වෙනුවෙන් යෙදවෙනු ඇති බව සඳහන්.

අද සිට ලබන අගෝස්තු 08 වනදා දක්වා කාලය තුළ නම් 06 ක් බැගින් යෝජනා කිරීමට ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාව පවතින අතර මෙරටට ආවේණික වන ජීවීන් ඊට පදනම් විය යුතුයි.

ක්වන්ටාස් සමාගමේ සෑම ගුවන් යානයක්ම ඔස්ට්‍රේලියාව නිරූපණය කෙරෙන නාමයකින් සමන්විතයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »