
නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් ටොයොටා වර්ගයේ මෝටර් රථ 7,600 කට වැඩි ප්‍රමාණයක් ආපසු කැඳවා තිබෙනවා.
2020 ත් 2023 ත් අතර නිෂ්පාදනය කරන ලද ටොයොටා යාරිස් මාදිලි කිහිපයක මෝටර් රථ මෙලෙස කැඳවා ඇති බව සඳහන්.
රලු මාර්ගයක ධාවනය කිරීමේදී වාහනයේ සමබරතාවය ගිලිහී යාම මෙහිදී සිදුවන බවටයි හඳුනාගෙන ඇත්තේ.

එමගින් මාරාන්තික රිය අනතුරු සිදුවිය හැකි බවටද අනතුරු අගවා තිබෙනවා.
අදාළ මාදිලිවල මෝටර් රථ භාවිත කරන කවරෙකු හෝ වෙතොත් වහාම සිය අලෙවි නියෝජිතයා අමතා වාහන පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

Yaris variants impacted by the recall:
- Ascent Sport 1.5L Petrol Auto Hatch
- Ascent Sport 1.5L Petrol Manual Hatch
- Hybrid Ascent Sport 1.5L Auto Hatch
- Hybrid SX 1.5L Auto Hatch
- Hybrid ZR 1.5L Auto Hatch
- SX 1.5L Petrol Auto Hatch
- ZR 1.5L Petrol Auto Hatch