
මැයි මාසයේදී ඔස්ට්‍රේලියාවේ රැකියා පුරප්පාඩු සංඛ්‍යාව 432,000 දක්වා පහළ ගොස් තිබෙනවා.
එය පෙබරවාරි මාසයේ රැකියා පුරප්පාඩු සමග සැසඳීමේදී 9,000 ක අඩුවක් බවයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.
පෞද්ගලික අංශයේ රැකියා පුරප්පාඩු 394,000 සිට 385,000 දක්වා 2% කින් පහත වැටී ඇති බව සඳහන්.

රාජ්‍ය අංශයේ රැකියා පුරප්පාඩු 47,000 ක් තිබුණු අතර එය එම මට්ටමේම ස්ථාවරව පැවතී තිබෙනවා.
ඔස්ට්‍රේලියාව තුළ වැඩිම රැකියා පුරප්පාඩු ඇති බවට වාර්තා වන්නේ කලා සහ විනෝදාත්මක සේවා අංශයේයි.

නවාතැන් සහ ආහාර සේවා, සෞඛ්‍ය හා සමාජ සේවා, විදුලිය, ගෑස්, ජලය සහ අපද්‍රව්‍ය සේවා, අධ්‍යාපන හා පුහුණු මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍ර තුළද විශාල වශයෙන් රැකියා පුරප්පාඩු පවතින බවයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳහන් කරන්නේ.
මුල්‍ය හා රක්ෂණ සේවා, තොරතුරු මාධ්‍ය සහ විදුලි සංදේශ, පරිපාලන සහ උපකාරක සේවා, තොග වෙළඳාම සහ විද්‍යා හා තාක්ෂණික සේවා අංශවල පවතින්නේ සාපේක්ෂව අඩු රැකියා පුරප්පාඩු සංඛ්‍යාවක් බවයි පැවසෙන්නේ.
SBS / ABS