ඔස්ට්‍රේලියානුවන් වසර 100 ඉක්මවා ජීවත්වීම පහළ අගයක

ලොව සෙසු සංවර්ධිත රාජ්‍යයන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානුවන් වසර 100 ඉක්මවා ජීවත්වීම පහළ අගයක් ගන්නා බව අනාවරණය වී තිබෙනවා.

අවුරුදු 100 සම්පූර්ණ කල පුද්ගල මරණ 1964 වසරේ දී පුද්ගලයන් 1214 කට 01 ක් ලෙස පැවතී තිබෙනවා.

කෙසේවෙතත් එම මරණ ප්‍රතිශතය 2021 වසරේදී පුද්ගලයන් 72 කට එකක් දක්වා සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ නිකුත් කල දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර පසුගිය වසර 50 තුළදී ඔස්ට්‍රේලියාවේ පුරුෂයන්ගේ උපරිම ආයු අපේක්ෂාව වසර 13 කින් වැඩිවී ඇත්තේ අවුරුදු 81 ක් දක්වායි.

කාන්තාවන්ගේ උපරිම ආයු අපේක්ෂාව වසර 11 කින් ඉහළ ගොස් ඇත්තේ අවුරුදු 85 ක් බවට පත්වෙමිනුයි.

සංවර්ධිත රටවල් අතුරින් ආයු අපේක්ෂාව සැළකීමේදී ඔස්ට්‍රේලියාව 05 වන ස්ථානයට පත්වී ඇත්තේ ජපානය – ස්විට්සර්ලන්තය – දකුණු කොරියාව සහ ස්පාඤ්ඤයට පමණක් පසුපසින් රැඳී සිටිමිනුයි.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »