
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිළදී ගැනීම සඳහා ඔස්ට්‍රේලියානුවන් විසින් සිදුකරන වැය කිරීම් සැළකිය යුතු අගයකින් පහළ ගොස් තිබෙනවා.
සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා අනුව පසුගිය මැයි මාසයට වඩා ජූනි මාසයේදී එම වියදම් සියයට 0.6 කින් පහළගොස් ඇති බව සඳහන්.
ඒ අනුව ගෘහ භාණ්ඩ සහ වෙනත් නිවාස උපකරණ සඳහා වන වියදම් සියයට 4.8 කින්ද ඇඳුම් සහ පාවහන් සඳහා වන වියදම් සියයට 3.4 කින්ද අඩුවී ඇති බවයි පැවසෙන්නේ.

සමස්තයක් ලෙස මැයි මාසයේදී නිවසක මුලු වියදම සියයට 3.3 කින් ඉහළගොස් ඇතත් එය 2021 වසරේ ජූලි මාසයෙන් පසුව සටහන්වු අඩුම වර්ධන වේගය ලෙස සටහන් වී තිබෙනවා.
කෙසේවෙතත් ආහාර සඳහා වන වියදම් සියයට 5.8 කින් ඉහළගොස් තිබීම විශේෂත්වයක්.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී ගෘහස්ථ වියදම්වල වැඩිම ඉහළයාම සටහන් කර ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියාව වන අතර අඩුම වර්ධනය පෙන්නුම් කර ඇත්තේ Northern Territory ප්‍රාන්තය විසිනුයි.