Search

ඔස්ට්‍රේලියාව තුළ Pay Phone කුටි ඇමතුම් ඉහළට – පළමු තැන මෙල්බන් CBD කුටියකට

ඔස්ට්‍රේලියාව තුළ පොදු දුරකථන කුටි (Pay Phone) හරහා ලබාගන්නා ඇමතුම් සංඛ්‍යාව මෑතකාලීනව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

දැනට Telstra සමාගම සතුව පමණක් එවැනි දුරකථන කුටි 14,500 ක් පමණ රට පුරා පවතින අතර ඒවායින් පසුගිය මාස 12 දී ලබාගෙන ඇති ඇමතුම් සංඛ්‍යාව මිලියන 23 කට අධිකයි.

එය 2021 වසරට වඩා ඇමතුම් මිලියන 04 ක පමණ ඉහළයාමක් බව සඳහන්.

පසුගිය වසරේදී Pay Phone හරහා ලබාගෙන ඇති ඇමතුම් අතුරින් 1/4 ක් පමණ ලබාගෙන ඇත්තේ 0-0-0 හෙවත් triple zero සහ Lifeline ඇමතුම් සඳහා බවටද තහවුරු කරගෙන තිබෙනවා.

තනි ස්ථානයකින් වැඩිම ඇමතුම් ගණනක් ගෙන ඇති කුටිය ලෙස සටහන් වී ඇත්තේ මෙල්බන් CBD හි Queens පාර අසල පිහිටුවා ඇති ඇමතුම් කුටිය යි.

කොවිඩ් සමයේදී 2021 වසරේදී Pay Phone කුටි මගින් ඇමතුම් සඳහා ගාස්තු අය නොකිරීමටද Telstra සමාගම පියවර ගෙන තිබුණා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »