ක්‍රවුන් සමූහයට තවත් වාර්තාගත $ මිලියන 450 ක දඩයක්

මුදල් විශුද්ධිකරණ චෝදනාවට අදාළව ඔස්ට්‍රේලියාවේ ක්‍රවුන් සමූහයට තවත් වාර්තාගත ඩොලර් මිලියන 450 ක දඩ මුදලක් පණවා තිබෙනවා.

වසර 02 ක් තුළ එම මුදල ගෙවා අවසන් කල යුතු බවයි ෆෙඩරල් අධිකරණයක් විසින් නිකුත් කර ඇති නියෝගයේ දැක්වෙන්නේ.

පළමුවෙන් ඩොලර් මිලියන 125 ක මුදලක් ඔවුන් ගෙවිය යුතු අතර ලබන වසර තුළදී තවත් ඩොලර් මිලියන 125 ක මුදලක් ගෙවිය යුතුයි.

02 වන වසර අවසන්වීමට පෙර අවසාන ඩොලර් මිලියන 200 ක මුදල ගෙවා අවසන් කල යුතු බවයි ෆෙඩරල් අධිකරණය නිකුත්කල නියෝගයේ සඳහන් වන්නේ.

2016 – 2022 කාල සීමාවේදී මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්ත මර්දන නීති අවස්ථා 546 කදී කඩ කර ඇති බවට ක්‍රවුන් සමූහයට මෙලෙස චෝදනා එල්ල වනවා.

අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට සූදූ ක්‍රීඩා කිරීමට අවසර දීම ඔවුන්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවක් වනවා.

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා යන මගීන්ගේ 20% ක වැඩිවීමක්

ඇතැම් පාසල් සඳහා නිවාඩු ලබාදීමත් සමග අද දිනයේදී බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා 55,000 කට ආසන්න පිරිසක් ගමන් කරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »