
මෙටා සමාගමේ නවතම ඇප්ලිකේෂනය වන ත්‍රෙඩ්ස් හඳුන්වා දී දින 05 ක් ඇතුළත පරිශීලකයන් මිලියන 100 කට අධික පිරිසක් ඊට සම්බන්ධ වී තිබෙනවා.
ඒ අනුව අඩුම කාලයකින් වැඩිම ජනප්‍රියත්වය හිමිකරගත් ඇප්ලිකේෂනය බවට එය පත්වී ඇත්තේ මෙතෙක් එම වාර්තාවට හිමිකම් කියු ටික්ටොක් ඇප්ලිකේෂනයද අභිබවා යමිනුයි.
සෑම පැය 04 කටම වරක් ග්‍රාහකයන් ලක්ෂ 10 කට අධික පිරිසක් ත්‍රෙඩ්ස් ඇප්ලිකේෂනය බාගත (download) කරගෙන ඇති බවටයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.

කිසිදු ප්‍රවර්ධන කටයුත්තක් සිදු නොකර මෙවැනි ඉහළම ප්‍රසාදයක් අත්කර ගැනීමට හැකිවීම සුවිශාල ජයග්‍රහණයක් බව මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් අවධාරණය කරනවා.
මෙ අතර ත්‍රෙඩ්ස් ඇප්ලිකේෂනයට ඉදිරියේදී නව වෙනස්කම් කිහිපයක් හඳුන්වාදීමටද මෙටා සමාගම සූදානමින් පසුවනවා.
