ඔස්ට්‍රේලියාව තුළ ඉංජිනේරුවරුන් 30,000 කගේ හිගයක්

ඔස්ට්‍රේලියාව තුළ දැනට ඉංජිනේරුවරුන් 30,000 කගේ පමණ හිගයක් පවතින අතර 2030 වසර වනවිට එය 100,000 දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

වාර්ෂික පුහුණු නිපුණතා කෝටාව 195,000 දක්වා ඉහළ දැමීමට ෆෙඩරල් රජය තීරණය කල අතර එහි සැළකිය යුතු ප්‍රතිශතයත් ඉංජිනේරුවරුන් සඳහා වෙන් කර තිබීමද විශේෂත්වයක්.

ඉංජිනේරු වෘත්තීය සඳහා පුහුණු නිපුණතා ශ්‍රමිකයන් ලෙස ඔස්ටේ්‍රලියාවට පැමිණෙන පිරිසෙන් අඩකට වඩා නිරත වනුයේ වෙනත් වෘත්තීන්වල බව අනාවරණ වි තිබෙනවා.

ඇතැමුන්ට නිසි පරිදි සුදුසුකම් ඇතත් විදේශයන්හි ප්‍රායෝගික පුහුණු සහ ඔස්ටේ්‍රලියාවේ ඉංජිනේරු අවශ්‍යතා අතර පරස්පරතා පැවතීම ඊට හේතුවයි.

වෙනත් රටවල වසර 20 ක පමණ අත්දැකීම් පැවතියද ඔස්ටේ්‍රලියාවේ අවශ්‍යතාවයට හැඩගැසීමට ඔවුන්ට කාලයක් ගතවීමයි ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසකට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

එළඹෙන සති අන්තයේ පවතිනු ඇතැයි අපේක්ෂිත වැසි සහිත කාලගුණික තත්වයෙන් වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළුව සමස්ත ඔස්ට්‍රේලියාවේ මිලියන ගනනකට බලපෑම් එල්ල වනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා.

Read More »

ගෝල්ඩ් කෝස්ට් වෙතින් පිටත් වූ ගුවන් යානයක 4ක් හදිසියේම රෝහලට රැගෙන යයි

ජෙට්ස්ටාර් ගුවන් සේවයේ යානයක කැබින් කාර්ය මණ්ඩලය ගුවන් යානයේ පැවති අසාමාන්‍ය ගන්ධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

Read More »

තායිලන්තය ඔස්ට්‍රේලියාවට දුන් සහනයක් ශ්‍රී ලංකාවටත් දෙන්න තීරණය කරයි

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත අමාත්‍ය මණ්ඩලය විසින් නව වීසා ක්‍රමවේදයක් අනුමත කර තිබෙනවා.

Read More »

සැකයක් ඇති නොවන ලෙස මෙල්බන්වල සිදු කළ ජාවාරමක සුලමුල හෙළිවෙයි

මෙල්බර්න්හි සේවා ස්ථාන සහ සුපිරි වෙළඳසැල්වලින් ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුත් මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීම සඳහා ළමුන් යොදාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »