වෛද්‍යමය ගබ්සා ඖෂධ 02 ක් නිර්දේශ කිරීමට වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට අමතර බලතල

වෛද්‍යමය ගබ්සා සඳහා යොදා ගන්නා ප්‍රධාන ඖෂධ 2 ක් නිර්දේශ කිරීමට වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට අමතර බලතල දීමට ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබෙනවා.

මෙතෙක් අදාළ ඖෂධ නිර්දේශ කිරීමට අනුමැතිය හිමිවී තිබුණේ සියයට 10 ක් පමණ වන විශේෂඥ වෛද්‍යවරුන්ට පමණයි.

කෙසේවෙතත් වෛද්‍යමය ගබ්සා ක්‍රමය සරළ කිරීමේ අරමුණ ඇතිව මෙම නව තීරණය ක්‍රියාවට නංවන බවයි ඖෂධ නියාමන අධිකාරිය අද නිවේදනය කලේ.

වෛද්‍ය සහ හෙදි සංගම් කිහිපයක් විසින්ද ඊට ප්‍රසාදය පළකර තිබීම විශේෂත්වයක්.

සෑම ඔස්ටේ්‍රලියානු කාන්තාවන් 03 දෙනෙකු අතුරින් අයෙකු ජීවිත කාලයේ අවම වශයෙන් එක් අවස්ථාවකදී හෝ ගබ්සාවකට ලක් වන බවයි පැවසෙන්නේ.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »