
ඔස්ට්‍රේලියාව තුළ බිත්තර 12 අසුරණයක මිළ ඩොලර් 15 දක්වා ඉහළ යා හැකි බවට අනතුරු ඇගවෙනවා.
විශේෂිත කූඩුවල රඳවා සිටින කිකිළියන් විසින් දමන ලද බිත්තර (caged eggs) සම්බන්ධයෙන් ෆෙඩරල් රජය ගැනීමට යන නව තීරණය ඊට හේතුවයි.
2046 වසරේ සිට බලාත්මක කිරීමට නියමිත තහණම තවත් වසර 10 කින් ඉදිරියට ගැනීමේ යෝජනාවක් මේ වනවිට ඉදිරිපත් වී තිබෙනවා.

පරිසර හානිය අවම කිරීමයි එහි අරමුණ වන්නේ.
අනිද්දා දිනයේදී සියලුම කෘෂිකර්ම අමාත්‍යවරුන් රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමටයි නියමිතව ඇත්තේ.

කිසියම් අයුරකින් මෙම තී්රණය බලාත්මක කලහොත් ඔස්ට්‍රේලියාව තුළ බිත්තර මිළ ගණන් ඉතාම ඉක්මණින් ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
caged eggs නිෂ්පාදනයෙන් ඉවත්වීමට තවත් වසර 20 කට වැඩි කාලයක් තිබියදී ෆෙඩරල් රජය විසින් අනිද්දා ගැනීමට යන තීරණය හමුවේ තමන් දැඩි අපහසුතාවයකට පත්වන බවයි බිත්තර නිෂ්පාදකයන් අවධාරණය කරන්නේ.
දැනට මෙරට සුපිරි වෙළඳසැල් තුළ අලෙවි කරන බිත්තර අතුරින් සියයට 40 ක් පමණ caged eggs වීම ඊට හේතුවයි.