
Chemist Warehouse ඇතුලු අලෙවිසැල් රැසක අලෙවි කරන ජනප්‍රිය ළමා suncream විශේෂයක් ආපසු කැඳවා තිබෙනවා.
මිලි ලීටර් 200 සහ 50 ප්‍රමාණවලින් අලෙවි කරන මෙමගින් අපේක්ෂිත රැකවරණයක් නොලැබෙන බවටයි තහවුරු කරගෙන ඇත්තේ.
මීට අදාළව ලැබුණු පැමිණිලි කිහිපයක් විමර්ශනය කිරීමෙන් අනතුරුව ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම නියමය පණවා තිබෙනවා.

මේ අතර බටහිර ඔස්ට්‍රේලියාවේ Bunnings අලෙවිසැල් තුළ අලෙවි කරන ජෙනරේටර් වර්ගයක්ද ආපසු කැඳවා තිබෙනවා.
ඔසිටෝ (Ozito) සන්නාමය යටතේ අලෙවි කරන ලද IGP-2018 මාදිලියේ ජෙනරේටර් මෙලෙස කැඳවා ඇති බව සඳහන්.

විදුලි කාන්දු සිදුවිය හැකි අවධානමක් පැවතීමයි මීට හේතුවී ඇත්තේ.
2021 වසරේ දෙසැම්බර් 01 වනදා සිට 2022 පෙබරවාරි 16 වනදා දක්වා මෙම මාදිලියේ ජෙනරේටර් 36 ක් අලෙවි කර ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.