
වික්ටෝරියා ප්‍රාන්තයේ ඖෂධ අලෙවිසැල්වල අලෙවි කරන ඇතැම් ඖෂධවල ඊයම් අන්තර්ගත බවට අනාවරණය කරගෙන තිබෙනවා.
ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති අනතුරු ඇගවීමක දැක්වෙන්නේ මින් බහුතරයක් ඉන්දියාවේ සිට ආනයනය කරන ලද ආයුර්වේදී ඖෂධ බවයි.
ඊයම්වලට අමතරව මිනිස් සිරුරට හානිකර තවත් රසායනික ද්‍රව්‍යයද මෙම ඖෂධවල අඩංගු බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

වෛද්‍ය උපදේශයකින් තොරව ඖෂධ මිළදී නොගන්නා ලෙසටත් ඒවායෙහි අඩංගු රසායනික ද්‍රව්‍ය පිළිබඳව විමසීමක් සිදුකර ගන්නා ලෙසටත් දැනුම්දීමක් සිදුකෙරෙනවා.
වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රාන්තවාසීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඖෂධ නියාමන අධිකාරිය විසින් සහතික කරන ලද ඖෂධ පමණක් මිළදී ගන්නා ලෙසයි.
