කලාපීය වික්ටෝරියා හි ප්‍රදේශ කිහිපයක​ අපජලයේ කොරෝනා වයිරස් කොටස් සොයා ගැනේ.

කලාපීය වික්ටෝරියා හි ප්‍රදේශ කිහිපයක​ අපජලයේ කොරෝනා වයිරස් කොටස් සොයා ගැනේ.

COVID fragments have been found in wastewater in regional Victoria. 

බ‍්‍රහස්පතින්දා( 19/11) වික්ටෝරියානු අග‍්‍රාමාත්‍යවරයා තහවුරු කළේ Benalla සහ Portland හි පිරිසිදු නොකළ අපජලයේ COVID-19 වයිරස් කොටස් තිබී ඇති බවයි. එය නොවැම්බර් 17 අඟහරුවාදා සොයා ගන්නා ලදී.

ප්‍රදේශයේ වෙසෙන හෝ නොවැම්බර් 15 සිට 17 දක්වා කාලය තුළ සංචාරය කළ ඕනෑම අයෙකුට රෝග ලක්ෂණ මතු වුවහොත් කොරෝනා පරීක්‍ෂාව සිදු කරන මෙන් රජය ඉල්ලා සිටී. 

වික්ටෝරියා ප්‍රාන්තය පුරා ප්‍රදේශ 30 කට වැඩි ගණනකින් අපජල සාම්පල ලබා ගන්නා ලදී.

Ararat, Ballarat, Benalla, Bendigo, Mildura, Moe, Shepparton, Swan Hill, Traralgon, Wangaratta, Warragul, Wodonga සහ Wonthaggi යන කලාපීය අපජල පවිත්‍රාගාර ඒවාට ඇතුළත් ය.

බ්‍රහස්පතින්දා(19/11) මධ්‍යම රාත්‍රියේ සිට දකුණු ඕස්ට්‍රේලියාව සඳහා වික්ටෝරියානු දේශ සීමාව වසා දමන බව වික්ටෝරියානු අග‍්‍රාමාත්‍ය Daniel Andrews නිවේදනය කිරීමත් සමඟ මෙම නිවේදනය ද සඳහන් කලේය​.

බලපත්ර පද්ධතියක් හඳුන්වාදීමට පෙර වික්ටෝරියානු දේශ සීමාව වසා දැමීම පැය 48 ක් පවතිනු ඇත.

(7News)

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »