2023-24 සඳහා ඔස්ට්‍රේලියාවේ වැඩිම දේපළ බදු වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට

2023-24 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වැඩිම දේපළ බදු ගෙවීමට සිදුවනුයේ වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට බවට තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව පසුගිය 01 වනදායින් ආරම්භ වූ නව මූල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියානුවෙකු විසින් ගෙවනු ඇතැයි තක්සේරු කර ඇති සාමාන්‍ය දේපළ බදු මුදල ඩොලර් 2,100 ක්.

කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ එය ඩොලර් 1,650 ක් ලෙස සහ ක්වීන්ස්ලන්ඩ් හි ඩොලර් 1,340 ක් ලෙසයි සටහන් වන්නේ.

වික්ටෝරියාවේ සමස්ත ආදායමෙන් සියයට 16.3 ක් බදු ආදායම් වන අතර නිවු සවුත් වේල්ස් හි එය සියයට 12.7 ක් සහ ක්වීන්ස්ලන්ඩ් හි සියයට 09 ක් ලෙස වාර්තා වනවා.

පසුගිය මැයි මාසයට යෙදී තිබූ ප්‍රාන්ත අයවැයෙන් වික්ටෝරියා ප්‍රාන්තවාසීන් වාර්ෂිකව ගෙවිය යුතු ඉඩම් බද්දේ උපරිමය ඩොලර් 300,000 සිට 50,000 දක්වා අඩු කෙරුණා.

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »