Search

ඔස්ට්‍රේලියාව පුරා විශ්ව විද්‍යාලවල වසරකට ලිංගික හිංසන සිදුවීම් 14,300 ක්

ඔස්ට්‍රේලියාව පුරා විශ්ව විද්‍යාලවල සිදුවන ලිංගික හිංසන වළක්වාලීමට සෘජුව මැදිහත්වන ලෙස ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටිමින් විවෘත ලිපියක් යොමු කර තිබෙනවා.

විවිධ සංවිධාන සහ පාර්ශව 40 කට වැඩි සංඛ්‍යාවක් යොමු කර ඇති එම ලිපියේ දැක්වෙන්නේ ඇතැම් විශ්ව විද්‍යාල පාලනාධිකාරීන් විසින් එම සරසවි තුළ සිදුවන ලිංගික හිංසන සිදුවීම් වසන් කරන බවයි.

වසරකට මෙවැනි සිදුවීම් 14,300 ක් පමණ සිදුවන නමුත් වාර්තා වනුයේ ඉතා සුලු සංඛ්‍යාවක් පමණක් බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

එබැවින් විශ්ව විද්‍යාල තුළ ලිංගික හිංසන වළක්වාලීමට සහ එවැනි සිදුවීම් පිළිබඳ විමර්ශනයට පූර්ණ බලැති ආයතනයක් පිහිටුවන ලෙසටද අදාළ ලිපියෙන් ඉල්ලීමක් කෙරෙනවා.

විශ්ව විද්‍යාල තුළ සිදුවන ලිංගික හිංසන පිටතට නිරාරණය නොවීමට ලැජ්ජාව හේතුවෙන් සිසුන් ඒවා වාර්තා නොකිරීමද ප්‍රධාන හේතුවක් ලෙසයි සඳහන් වන්නේ.

SOURCE : https://www.abc.net.au/news/2023-07-10/australian-unis-failing-to-prevent-sexual-violence/102581600

Sexual assault support lines:

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »