
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් ඉදිරිපත් කෙරෙන අයදුම්පත් රැසක් දරුවන් හෝ සමීප ඥාතීන් විවිධ ආබාධවලින් පෙළීම හමුවේ ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ බවට චෝදනා එල්ල වනවා.
බටහිර ඔස්ට්‍රේලියාවේ රැකියා පුරප්පාඩු 31,000 ක් සඳහා ලැබී ඇති අයදුම්පත් අතුරින් සැළකිය යුතු සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වීම පිළිබඳ වාර්තාවක් නිකුත් කරමිනුයි ස්වේච්ඡා සංවිධාන මේ බව අවධාරණය කරන්නේ.
මහා බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ සිට මෙරට පොලිස් සේවයේ තනතුරු සඳහා ඉල්ලුම් කල 1,300 කට ආසන්න පිරිසකට මේ දක්වා වීසා අනුමැතිය ලැබී නැහැ.

ඔටිසම් ඇතුලු රෝගී තත්වයන්ගෙන් දරුවන් පෙළීම හමුවේ දෙමව්පියන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අහිමිවීමට ගිය අවස්ථා කිහිපයක් මෑතකාලීනව වාර්තා වුණා.
කෙසේවෙතත් ඉන් බහුතරයකට සංක්‍රමණ ඇමතිවරයාගේ මැදිහත්වීම හමුවේ විසඳුම් ලැබී තිබුණා.
