ඔස්ට්‍රේලියානුවන් නැවතත් අඩු පහසුකම් දුරකථන වෙත පෙළඹීමේ ප්‍රවණතාවයක්

ඔස්ට්‍රේලියානුවන් සැළකිය යුතු පිරිසක් නැවතත් අඩු පහසුකම් සහිත සාමාන්‍ය දුරකථන වෙත පෙළඹීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවට අනාවරණය කරගෙන තිබෙනවා.

ඇමතුම් සහ කෙටි පණිවුඩ සඳහා පමණක් පහසුකම් ඇති මෙම දුරකථනවලින් අන්තර්ජාලයට පිවිසීමට හැකියාවක් ඇත්තේ නැහැ.

පසුගිය වසරේදි මෙවැනි දුරකථන අලෙවිය පෙර වසරට සාපේක්ෂව දෙගුණයකින් පමණ ඉහළගොස් ඇති බව සඳහන්.

ඒ අනුව 2022 වසරේදී අලෙවි වු සමස්ත දුරකථන අතුරින් සියයට 8.2 ක් පමණ මෙවැනි අඩු පහසුකම් දුරකථන බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙවැනි දුරකථන වැඩිම වශයෙන් මිළදී ගෙන ඇත්තේ දෙමව්පියන් විසින් වන අතර සිය දරුවන්ගේ ආරක්ෂාව සළකා මෙවැනි සාමාන්‍ය දුරකථන ඔවුන් වෙත ලබාදෙන බවයි දෙමව්පියන් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම විශ්‍රාමික ඔස්ට්‍රේලියානුවන් ද වැඩි කාලයක් අන්තර්ජාලයෙන් බැහැරව සිටීම සඳහා මෙවැනි සාමාන්‍ය දුරකථන වෙත නැඹුරුවී ඇති බවයි අනාවරණය වන්නේ.

දිනකට පැය 02 කට වැඩි කාලයක් දුරකථන සමග කාලය ගත කිරීම හමුවේ ආතතිය සහ විශාදය වැනි රෝග වැළඳීම ඉහළ මට්ටමක පවතින බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානයට බලපෑම් එල්ල කර ඇති දැවැන්ත සුළි කුණාටු හේතුවෙන් ඩුබායි ගුවන් තොටුපළ කටයුතුවලට දැඩි බාධා මතුවී තිබෙනවා.

Read More »

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »