කඳුලු අඩු ළූණු පළමු වරට ඔස්ට්‍රේලියා වෙළඳසැල් වෙත

ඔස්ට්‍රේලියාව තුළ පළමු වරට කඳුලු ඒම අවම ළූණු විශේෂයක් සිය වෙළඳසැල් තුළ අලෙවි කිරීමට Woolworths සුපිරි වෙළඳසැල් ජාලය පියවර ගෙන තිබෙනවා.

ග්‍රෑම් 500 ක අසුරණයක් ඩොලර් 2.50 ක මුදලකට මෙහිදී අලෙවි කෙරෙනු ඇති.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ යන ප්‍රාන්තවල ලබන 12 වනදා සිට සැප්තැම්බර් මාසය දක්වා මෙම ළූණු මිළදී ගත හැකියි.

කැපීමේදී කඳුලු ඒමට මුල්වන රසායනිකයන් මෙම ළූණු වලින් ඉවත් කිරමේ අත්හදා බැලීමක ප්‍රථිඵලයක් අනුවයි මෙම ලොකු ළූණු විශේෂය නිපදවනු ලැබ ඇත්තේ.

ඔස්ට්‍රේලියාව තුළ වගා කරන ලද මෙම ලොකු ළූණු විශේෂය තරමක් පැණි රසයෙන් යුක්ත බවයි වගාකරුවන් සඳහන් කරන්නේ.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »