මෙල්බන් 14 හැවිරිදි දරුවෙකු ඝාතනයට තරුණයන් 03 ක් අත්අඩංගුවට

මෙල්බන් වයඹ දිග ප්‍රදේශයේදී 14 හැවිරිදි දරුවෙකු ඝාතනය සම්බන්ධයෙන් තරුණයන් 03 දෙනෙකුට චෝදනා ගොණු කර තිබෙනවා.

පසුගිය ජූනි 26 වනදා සෙන්ට් ඕල්බන්ස් ප්‍රදේශයේ සිය මිතුරන් දෙදෙනෙකු සමග ගමන් කරමින් සිටියදී ඔහු මෝටර් රථයක ගැටී තිබුණා.

පසුව ඉන් පිටතට පැමිණි මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම දරුවාට පහරදී තියුණු ආයුධ ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවටයි අනාවරණය කරගැණුනේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි දෙදෙනෙකු සහ 18 හැවිරිදි අයෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ඊයේ දිනයේදී ළමා අධිකරණයක් හමුවට ඉදිරිපත් කෙරුණු අතර චෝදනා ගොණු කර ඇති බවද සඳහන්.

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »