
ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අද පැවැත්වනෙ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සහභාගී නොවනු ඇති බවට වාර්තා පළවනවා.
ඔහු පාදයේ ආබාධයකට ලක්වීමයි ඊට හේතුව වන්නේ.
ශ්‍රී ලංකා සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තමන් සහභාගී වූ සියලුම තරග ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
මේ අතර තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියකට සහභාගී වීම සඳහා පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

එසේ පැමිණි පකිස්තාන කණ්ඩායම ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත බව සඳහන්.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් පිටියේ දී එම ටෙස්ට් තරග දෙක පැවැත්වීමට නියමිතයි.