වසර 44 කට පසු ක්‍රිකට් ඉතිහාසය අලුත් කරන්න ශ්‍රී ලංකාවට අද අවස්ථාවක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර සිම්බාබ්වේ හි හරාරේ ක්‍රීඩාංගනයේදීයි.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ සහභාගී වූ සියලූ තරග ජය ගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් මෙලෙස එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනී්මේ තරගාවලියක අවසන් මහා තරගයට ක්‍රීඩා කරන්නේ වසර 44කට පසුවයි.

මීට පෙර 1979 වසරේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනී්මේ තරගාවලියේ අවසන් මහා තරගයට ද ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවා.
එහිදී කැනඩාව පරාජය කරමින් ශූරයින් බවට පත් වුයේද ශ්‍රී ලංකාවයි.

මරණ ගණන වත් තවම නොදන්න අසල්වැසියාගේ ව්‍යසනය

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමේ ව්‍යසනයෙන් පසු 4,000ක පමණ පිරිසකට ආහාර, ජලය සහ නවාතැන් ඇතුලු ආධාර අවශ්‍ය බව මානුෂීය සහන සංවිධාන පවසනවා.

Read More »

මුහුදේ ඉන්න මසුන් ඔස්ට්‍රේලියාව පළමු තැනට රැගෙන එයි

ලොව පුරා මුහුදු තීරයන්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය විශේෂ වැඩි ප්‍රමාණයක් ජීවත්වන බවට නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »