දකුණු ඔස්ට්‍රේලියා රථවාහන නීතිවල සංශෝධනයක්

මාර්ග සහ රථවාහන නීතිවල සංශෝධනයක් සිදු කිරීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අධි බලැති වාහන පදවන පුද්ගලයන් වෙනුවෙන් නව රියදුරු බලපත් කාණ්ඩයක් හඳුන්වාදීමට නියමිතයි.

එම වාහන පදවන අයෙකු විසින් සිදුකරන රිය අනතුරකදී බරපතල තුවාල සිදුවීම් හෝ මරණයක් සිදුවුව හොත් ලබාදෙන දඩුවම් ද ඉහළ මට්ටමක පවතින අන්දමිනුයි නව නීති සකස් කිරීමට නියමිතව ඇත්තේ.

අධි වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් 15 හැවිරිදි තරුණියක මිය යාමේ සිදුවීම පාදක කරගෙන මෙම නව නීති සම්පාදනය සිදු කෙරෙන බව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සඳහන් කලා.

අපරීක්ෂාකාරී රිය ධාවනයෙන් සිදුවන පුද්ගල මරණයකට දැනට දකුණු ඔස්ට්‍රේලියාවේදී හිමිවන උපරිම සිර දඩුවම මාස 12 ක් වන නමුත් නව නීති සංශෝධනය යටතේ එය අවුරුදු 07 ක් දක්වා ඉහළ නැංවෙනු ඇති.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »