ටයිටැනික් සුන්බුන් චාරිකා නතර කෙරේ

මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා චාරිකා සංවිධාන කරන ඕෂන්ගේට් සමාගම එම චාරිකා නතර කිරීමට තීරණය කර තිබෙනවා.

සති 03 කට ඉහතදී ඔවුන්ට අයත් ටයිටන් සබ්මැරීනය මුහුද යටදී පුපුරායාමෙන් 05 දෙනෙකු මිය යාමේ ඛේදවාචකය ඊට ප්‍රධාන හේතුවයි.

මෙම සිදුවීමෙන් පසුවද සාගරය අභ්‍යන්තරයේ චාරිකා සංවිධානය කරමින් දැන්වීම් පළකල බවටයි ඕෂන්ගේට් සමාගමට චෝදනා එල්ලවූයේ.

ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා සිට බලපැවැත්වෙන පරිදි සියලුම වාණිජ සහ ගවේෂණාත්මක චාරිකා නතර කිරීමට පියවර ගත් බව ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.

මෙම චාරිකාවකට එක් අයෙකු සඳහා අය කල මුදල ඩොලර් 250,000 ක්.

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා මර්ෆි සොයන්න ගිය පොලිසියට නොසිතූ දෙයක් හමුවෙයි

බැලරට් ප්‍රදේශයෙන් අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයා අද ආරම්භ වූ විමර්ශනයේදී බැලරට් නගරයට ආසන්න ප්‍රදේශයේ වේල්ලක් අසල තිබී දුරකථනයක් ලෙස සැක කෙරෙන උපකරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »