
වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 කට ඉදිරි දින කිහිපය සඳහා අවවාදාත්මක කාළගුණ අනාවැකියක් නිකුත් කර තිබෙනවා.
ධාරාණිපාත වැසි – අයිස් වැසි – හිමපතනයන් සහ අකුණු සහිත කුණාටු මෙහිදී අපේක්ෂා කල හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.
නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලටද මෙම කාලයේදී පැයට කිලෝමීටර් 45 ත් 100 ත් අතර තද සුළං තත්වයක් බලාපොරොත්තු විය හැකියි.

මේ අතර හිම ක්‍රීඩා කලාප සඳහා ඉදිරි දිනවලදී අමතර හිමපතනයන් සටහන් විය හැකියි.
අකුණු සහිත අවස්ථාවලදී හැකිතාක් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්නැයිද ඉල්ලීමක් කෙරෙනවා.
