
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවම වැටුප් ලබන සෞඛ්‍ය සේවකයන්ට ඩොලර් 3,500 ක වැටුප් වර්ධකයක් ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඊට අමතරව සුපර් ඇනයුෂන් අරමුදලට බැර වන මුදල ද සියයට 0.5 කින් වැඩි කිරීමටයි ප්‍රාන්ත රජය එකග වී ඇත්තේ.
පොරොන්දු වූ පරිදි වැටුප් වැඩිවීම් ලබා නොදෙන්නේ නම් ලබන සතියේ දී දැවැන්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවටයි නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් අනතුරු අගවා තිබුණේ.

ලබාදීමට එකග වූ වැටුප් වර්ධකයත් සමග එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
මේ අනුව නිවු සවුත් වේල්ස් හි අවම වැටුප් ලබන සෞඛ්‍ය සේවකයන්ට සියයට 8 ක වැටුප් වැඩිවීමක් හිමිවීමට නියමිතයි.
