Search

සඳ මත පැළෑටි වගා කිරීමේ ඔස්ට්‍රේලියානු ව්‍යාපෘතියට අමතර $ මිලියන 03 ක්

සඳ මත පැළෑටි වගා කිරීමේ ව්‍යාපෘතිය සඳහා ෆෙඩරල් රජය විසින් ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් වෙත අමතර ඩොලර් මිලියන 03 කට වැඩි මුදලක් ලබාදී තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණ විශ්ව විද්‍යාලය – RMIT විශ්ව විද්‍යාලය – ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය සහ ඊශ්‍රායලයේ විශ්ව විද්‍යාලයක් විසින් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි මෙය ක්‍රියාවට නංවනු ලබන්නේ.

වසර 04 ක් තුළ සඳ මතුපිට පැළෑටි වගා කිරීමයි එහි ඉලක්කය වී ඇත්තේ.

එය සාර්ථකත්වයක් අත්කරගත හොත් සඳ මතුපිට ආහාර සහ ඖෂධ නිෂ්පාදනය කිරීම ඔවුන්ගේ මීළග සැළසුම වී තිබෙනවා.

මීට වසර කිහිපයකට පෙර චීනයද මෙවැනි අත්හදා බැලීමක් සිදුකල නමුත් එය සාර්ථක වූයේ නැහැ.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »

“මම ට්‍රම්ප්ගෙේ රූකඩයක් නෙවෙයි ” පීටර් ඩට්න් කියයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූකඩයක් බවට කම්කරු පක්ෂය ගෙන යන ප්‍රචාරය තමන් ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියානු විපක්ෂනායක පිටර් ඩටන් පවසනවා.                  

Read More »